Posts

Showing posts from February, 2024

අපෙන් ගිලිහුණු හෙළයේ සාම්ප්‍රදායික මඟුල් බත් වර්ග 04

Image
 අතීතයේ ජීවත් වූ අපගේ මුතුන් මිත්තන් විසින් ඔවුන්ගේ ජීවිත වල විශේෂ සිදුවීම් හා විවිධ අවස්ථාවන් සඳහා භාවිතා කළ බත් වර්ග විවිධ නම් වලින් හඳුන්වනු ලැබුවා. ඇත්තටම මෙම බත් වර්ග වල නම් අද අසන්නටවත් නොමැති තරම්..  සාම්ප්රදායික මඟුල් බත් වර්ග 04 කි. 01. ලේ දන බත 02. ආදර බත 03. කෑදර බත 04. යෝධන බත ඇතැම් ප්රදේශවල සාම්ප්රදායික සමාජ රාමුව තුළ සිදුකරන ලද විවාහ මංගල අවස්ථාවන්හි දී මේ බත් වර්ග හතර උපයෝගී කර ගත් වග සඳහන් වෙයි.  ලේ දන බත :- විවාහ මංගල උත්සවයට පෙර දින දෙපාර්ශවයේම නෑදෑයින් සියල්ල මනාලයාගේ හා මනාලියගේ නිවෙස් වලට පැමිණෙති. එදින මනාලයාගේ හා මනාලියගේ නිවසෙහි සෑදෙන හඳුන්වන්නේ බත ලේ දන බත ලෙසයි. එම රාත්රියේ එකතු වන්නේ සමීප ලේ නෑදෑයින් පමණි. එම නිසා මෙම බතට "ලේ දන බත" යැයි ව්යවහාර කෙරේ.  ආදර බත :- ඉන් පසු මඟුල් දින හතර වර්ගයේ නෑයින් එක් වන දිනයයි. සියලු දෙනා තුලම පවතින්නේ සතුට ප්රීතිය හා අනාගත බලාපොරොත්තුවයි. සියල්ලෝම සතුටු සාමීචියෙහි යෙදෙති. කා බී ප්රීති වෙති. මෙම බත සකස් කරනු ලබන්නේ මනාලයාගේ නිවසෙහි ය. මෙහිදී පිළියෙල කරනු ලබන බත "ආදර බත" යි.  කෑදර බත :- මගුල් දා ගමන් බ...