විවාහය සහ නීති
බහුවිධ නීති පද්ධතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකීය සමාජයේ විවාහය යන තේමාව මෙකී නීති පද්ධති වලින් විවිධ ආකාරයෙන් පෝෂණය වී ඇත. ඒ අනුව , උඩරට නීතිය මුස්ලිම් නීතිය සාමාන්‍ය නීතිය ආදී තත්වයන් යටතේ විවාහය බලාත්මක වන ආකාරය මෙමගින් විස්තර කෙරේ. විවාහය යනු කුමක්ද ? විවාහය වූ කලී මනුෂ්‍ය වර්ගයා අතර ඇතිවන අනෝන්‍ය සම්බන්ධතාවය මත ඇතිවන වැදගත් ආයතනකි. ස්ත්‍රියක් හා පුරුෂයෙක් පවුලක් වශයෙන් ජීවිත කාලය පුරාම එකට ජීවත් වීමේ පරමාර්ථය ඇතිව ස්ව කැමැත්තෙන් මෙම විවාහය නම් වූ ආයතනය ගොඩනගා ගනී. හුදෙක් ස්ත්‍රියක් හා පුරුෂයෙක් එකට ජීවත් වීම තුලින්ම විවාහයක් බිහි නොවන්නේ පුද්ගල ජීවිතය පුරා බලපාන නෛතික අයිතිවාසිකම් රැසක් එයින් බිහිවන නිසාත් නීතිය පිළිගන්නා පරිදි එය සිදුවිය යුතු නිසාත්ය. එම නෛතික අයිතිවාසිකම් ලෙස එකිනෙකා අතර ඔවුන්ගේ පෞද්ගලික දේපල , ලිංගිකත්වය හා අන්‍යෝන්‍ය අනන්‍යතාවයන් හා අයිතිවාසිකම් තීරණගැනීම් ආදිය පොදුවේ තබාගැනීමේ අයිතිය හා දරුවන් සඳහා උරුමකම් නිතැතින් ලබාදීම නීත්‍යානුකූල වේ. එක් අයකුගේ මරනින් පසු ඒ අයගේ නිශ්චල හා චංචල දේපල වලින් අඩක් සඳහා උරුමය අනෙකා වෙත ල...