අපි වෙඩින් එකක් ප්ලෑන් කරනකොට ඉස්සෙල්ලා බලන්න ඕන මොනවද .....
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි wedding එක ප්ලෑන් කරගන්න ගියාම කොතනින්ද පටන් ගන්න ඕනි කියල කිසි තේරුමක් නෑ.
ඔයා ඉස්සෙල්ලාම බලන්න ඕනේ ඔයාගේ බජට් එකේ හැටියට ඔයා wedding එකක් ගන්නවද?එහෙම නැත්නම් පොඩියට පාටියක් විතරක් දාලා යාලුවන්ට නෑදෑයින් පොඩි සංග්‍රහයක් කරනවද කියලා.
අන්න එතනින් පස්සේ ඔයා වෙඩින් එකක් ගන්නවා කියලා තීරණය කරනවා නම් ඔයා මුලින් ම බලන්න ඕනේ ඔයා මොන විදිහට ද වෙඩින් එක ගන්නෙ කියලා .
ඔයාට විඳින්න එක ගන්න පුලුවන් ක්‍රම කිහිපයක් මම කියන්නම්.
1 රෙජිස්ටර් කරලා ෆොටෝ ටිකක් ගහලා වැඩේ පොඩියට කරන්න පුලුවන්.
2 උදේ වරුවක නෑදෑයෝ කිහිප දෙනෙක් එකතු කරගෙන පෝරුවෙ චාරිත්‍ර විතරක් කරලා පොඩි තේ මේසයක් ලැහැස්ති කරලා පොඩියට ඔයාගේ වෙඩින් එක ගන්න පුළුවන් .
3 එහෙම නැත්නම් කොහේ හරි පොඩි තැනක පෝරුවෙ චාරිත්‍ර කරල නෑදෑයෝ යාළුවෝ ටිකට ගෙදරට එන්නෙ කියලා එයාලට පොඩි පාටියක් දෙන්න පුළුවන්.(ඔයාට ඔයාගේ පෝරුවේ චාරිත්‍ර ගෙදර මෙ කරන්න පුළුවන්)
4 එහෙම නැත්නම් ඔයාගෙ ආසාව ලොකුවට ලස්සනට ඔයාගෙ wedding එක ගන්න එක නම් ඔයාට පුළුවන් හොඳ හොටෙල් එකක්, උත්සව ශාලාවක් වෙන්කරලා ඔයාගේ හීනේ හැබෑ කරගන්න.
හැබැයි මෙන්න මෙතනදි ඔයා ලෑස්ති කර ගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා.ඔයාගේ හිතේ තියෙන දේවල් ඉස්සෙල්ලම ලිස්ට් එකකට ගන්න.ඊට පස්සේ මං මේ කියන දේවලුත් ඒ ලිස්ට් එකේ තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න.
මුලින්ම ඔයා ඔයාගේ වෙඩින් එක ගන්නේ කොයි කාල වකවානුවේද කියලා තීරණය කරන්න.
ඊටපස්සෙ ඔයාගේ බජට් එක බලන්න ඕනේ. ඔයාට යන්න පුළුවන් උපරිම බජට් එක.
ඊට පස්සේ crowd එක කොච්චරක්ද කියලා ඔයා තීරණය කරන්න ඕනේ.
ඔයා වෙඩින් එක ගන්නෙ උදේද හවසද
දවස් දෙකම එකට ගන්නවද, ඒ දේවලුත් පොඩ්ඩක් කල්පනා කරල තීරණය කරන්න
ඔයා දැන් ඔයාගේ හිතේ තියෙන හොටෙල් එකට ගිහින් ඔයා ඒ හිතා ගත්ත කාල වකවානුවේ ඒ හොටෙල් එක ගන්න පුළුවන් දවස් මොනවද කියලා බලන්න.ඔයා හොටෙල් එකක් තෝරන කොට ඔයාගේ අවශ්‍යතාවන් වලට සහ ඔයාගේ බජට් එකට ගැලපෙන හොටෙල් එකක්ද කියලා අනිවාර්යෙන්ම බලන්න ඕනේ.
හොටෙල් එකට පුළුවන් දවස් දෙක තුනක් අරගෙන ඔයාගේ නැකත් හදන එක්කෙනා ගාවට. ගිහින් අර ඔයාලාට හොටෙල් එකෙන් දීපු දවස් ටිකෙන් හොඳ දවසක් තෝරලා ඒ දවසට නැකැත් ටික හදලා දෙන්න කියන්න.ඔයාලා නැකත් හදලා පස්සේ හොටෙල් තෝරන්න ගියොත් ඔයාලගේ ඒ හොටෙල් එක ගන්න බැරි වෙන්න පුළුවන්.ඒ හින්දා තමයි අපි මෙහෙම කරන්නේ.
අනිත් කාරණාව තමයි ඔයාලා නැකත් හදනකොට පෝරුවේ චාරිත්‍ර ඔයාලා කරනවනම් උදේම නැකතක් හදාගන්න එපා.ඔයාලට උදේ නිවී සැනසිල්ලේ ෆොටෝ ටික ගහලා කිසිම කලබලයක් නැතුව එන්න පුළුවන් වෙලාවකට පෝරුව චාරිත්‍ර කරන්න නැකත් හදලා දෙන්න කියලා නැකත් හදන එක්කෙනාට කියන්න.අනිත් කාරණාව තමා ඔයා වෙඩින් එක ගන්න හොටෙල් එකට ළඟම තැනක් ෆොටෝ ගහන්න තෝරගන්න.
ඉතිරි ටික පසුවට.......
No comments:
Post a Comment