Sunday, 3 December 2023

මොකක්ද මේ විවාහය කියන්නෙ..

සරලවම කිව්වොත් මිනිසාගේ ලිංගික ජීවිතය පාලනය කරන්න සංස්කෘතික ආගමික සහ නෛතික පදනමකින් යුක්ත ව ක්‍රියාත්මක වන දෙයක් තමයි විවාහය කියන්නේ.

මෙහිදී විවාහයට පත්වන අදාල පුද්ගලයින් ඒ සමාජ සංස්කෘතිය ,ආගමික පසුබිම  සහ එම රටේ නෛතික රාමුව යන කරුණු මූලික කර ගෙන තමන්ගෙ දිවි පෙවත ආරම්භ කරනවා

බ්‍රිතාන්‍යයේ රාජකීය මානව මානව විද්‍යා සංගමය ප්‍රකාශක සඳහන් වෙන්නෙ "විවාහය යනු එක් මිනිසෙක්  සහ ගැහැනියක් අතර ඇතිවන සම්බන්ධතාවයේ ප්‍රතිඵල ලෙස ඒ ගැහැණිය බිහි කරන දරුවන් නීතියට අනුකූල යයි පිළි ගැනීම" විවාහය බවයි.

සමලිංගික නොවන පුද්ගලයින් දෙදෙනෙක්  අතර පවත්නා සාපේක්ෂ ලෙස ස්ථිර ලිංගික සම්බන්ධතාවයක් මෙන්ම ආර්ථිකමය වශයෙන් ශ්‍රම විභජනයක් අනුගමනය කිරීම විවාහයයි.- (මානව විද්‍යාඥ ජී.පී.මඩෙරාක්)

දරුවන් උත්පාදනය හා නඩත්තු කිරීම පිළිබඳ ගිවිසුමකි.(බී.මැලිනොවුස්කි)

විවාහය නිර්වචන ඔස්සෙ තේරුම් ගැනීමට සුදුසු පැහැදිලි නිර්වචනයක් බිහිවෙලා නැති හින්දා මේකෙ තියෙන සංකීර්ණ බව වටහා ගන්න පුලුවන් නේද.එඩ්මන් ලීචි පෙන්වාදෙන ආකාරයට විවාහය තුල අඩංගුවිය යුතු ලක්ෂණ කිහිපයක් තියෙනවා.


  • ගැහැණියගේ දරුවනට නෙෙතික පියකු ලැබීම
  • පුරුෂයාගේ දරුවනට නෙෙතික මවක ලැබීම
  • ස්ත්‍රියගේ ලිංගික ඒකාධිකාරය පුරුෂයාට ලැබීම
  • පුරුෂයාගේ ලිංගික ඒකාධිකාරය ස්ත්‍රියට ලැබීම
  • පුරුෂයාගේ ගෘහස්ථ හා අනෙකුත් ශ්‍රම සේවාවන්හි ඒකාධිකාරය ස්ත්‍රියට ලැබීම
  • ස්ත්‍රිටගේ ගෘහස්ථ හා අනෙකුත් ශ්‍රම සේවාවන්හි ඒකාධිකාරය පුරුෂයාට ලැබීම
  • පුරුෂයාට අයත් දේපල අයිතිය ස්ත්‍රියට ලැබීම
  • ස්ත්‍රියට අයත් දේපල අයිතිය පුරුෂයාට ලැබීම
  • විවාහයෙන් උපදින දරුවන් වෙනුවෙන් සාමූහික දේපලක් ගොඩනැගීම
  • පුරුෂයාගේ හා ස්ත්‍රියගේ නෑදෑයන් අතර ඥාතිත්ව බන්ධනයක් ගොඩනැගීම


ඊ ඒ වෙස්ටර් මාරක් ඔහුගේ මානව විවාහයේ ඉතිහාසය නම් පොතේ සදහන් කරන්නේ පුරුෂයන් එක් අයකු හෝ වැඩි ගණනක් ස්ත්‍රීන් එක් අයකු හෝ වැඩි ගණනක් පවතින සමාජය අනුමත කරන ආකාරයෙන් ලිංගික සබදතා පවත්වා එයින් නෙෙතික හිමිකමක් සහිත දරුවන් බිහිකිරීම විවාහය බවයි

මේ සියල්ල සලකා බැලුවම  විවාහය කියන්නෙ යම් සමාජයක් පිළිගත් ආකාරයට චාරිත්‍රානුකූලව හෝ පිළිගත් නීතියට අනුකූලව ලිංගික සබදතා පැවැත්වීම . විවාහය විශ්වීය සමාජ සංස්ථාවකි.

No comments:

Post a Comment

විවාහය සහ නීති

  බහුවිධ නීති පද්ධතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකීය සමාජයේ විවාහය යන‍ ‍තේමාව මෙකී නීති පද්ධති වලින් විවිධ ආකාර‍යෙන් පෝෂණය වී ඇත. ඒ අනුව , ...